fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු සභාපතිවරයාගේ ඉල්ලීමට එරෙහිව අධිකරණයට මෝසමක්

hasiniek
By hasiniek ජූලි 24, 2023 16:41

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු සභාපතිවරයාගේ ඉල්ලීමට එරෙහිව අධිකරණයට මෝසමක්

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු සභාපතිවරයා තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට කළ ඉල්ලීමට එරෙහිව වත්මන් ලේකම්වරයා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු සභාපති එන් කරුණාරත්න මහතා ස්කොට්ලන්තයේ පැවැත්වෙන ලෝක පාපැදි සමුළුවට සහභාගි වීම සඳහා අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වර්තමාන ප්‍රධාන ලේකම් නලීන් අදිකාරච්චිගේ මහතා ගමන් තහනම ඉවත් නොකරන ලෙසට මෝසමක් ඉදිරිපත් කරනු ලැබුවා

අදිකාරච්චි මහතා වෙනුවෙන් පෙනිසිටි නීතිඥවරුන් අධිකරණයට කියා සිටියේ හිටපු නිලධාරීන්ට මෙම සමුළුවට සහභාගී විමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

පසුගිය ජුනි 15වනදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ මහේෂ්වරන් මහතා නිකුත් කර ඇති ලිපියකට අනුව හිටපු නිලධාරීන්ට පනවා තිබු කිසිඳු තහනමක් ඉවත් කර නැති බවට අධිකරණයට කරුණු පැහැදිලි කර තිබුණා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබන 27 වනදා විවෘත අධිකරණයේ නඩුව කැඳවන බව දැනුම් දුන්නා.

 

 

 

 

 

hasiniek
By hasiniek ජූලි 24, 2023 16:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්