මිලියන 5 ක සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ නව වැඩපිළිවෙල ඉදිරි මාස කිහිපය තුළදී
Related Articles
රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයින් මිලියන 2.5 ක් ඇතුළුව මිලියන 5 ක සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම අරමුණ කර ගනිමින් රජයේ නව සංචාරක උපාය මාර්ගය වන ‘Visit Sri Lanka’ ඉදිරි මාස කිහිපය තුළ දියත් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා පවසනවා
ඒ මහතා මේ බව කියා සිටියේ ‘Bocuse d’Or 2023’ තරගාවලිය සහ සම්මාන ප්‍රදානෝත්සවය අමතමින්.
“ඩිල්මා ටී” හි නිර්මාතෘ අභාවප්‍රාප්ත මෙරිල් ප්‍රනාන්දු මහතා සංචාරක ව්‍යාපාරයට ලබාදුන් සුවිශේෂී දායකත්වය සහ තේ ක්ෂේත්‍රයේ ඔහුගේ කීර්තිමත් ජයග්‍රහණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක් වී තිබෙනවා
‘Tea Trails’ බුටික් හෝටල් සංකල්පය ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ප්‍රමිතීන් ඉහළ නැංවීමට හේතු වූ බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.