fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්විටර් ලාංඡනය වෙනස් වෙයි ?

hasiniek
By hasiniek ජූලි 24, 2023 15:10

ට්විටර් ලාංඡනය වෙනස් වෙයි ?

ලෝක ප්‍රකට ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ ලාංඡනය වෙනස් කිරීමට එහි ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක් සූදානම් වනවා.

ඊලෝන් මස්ක් පවසන්නේ ට්විටර් ඩොට්කොම් නාමය එක්ස් ඩොට්කොම් ලෙස වෙනස් කරන බවයි.

එමෙන්ම එහි ලාංඡනයේ ඇතුලත් පක්ෂියාගේ රුව ඉවත් කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඇමෙරිකා ඩොලර් බිලියන 44ක මුදලකටයි මස්ක් ට්විටර් සමාගම පසුගිය වසරේ මිල දී ගත්තේ.

මේ වන විට ට්විටර් දෛනික පරීශිලකයන් සංඛ්‍යාව මිලියන 200කට අධිකයි. කෙසේ වෙතත් ඊලෝන් මස්ක් එය මිල දී ගැනිමෙන් පසු ට්විටර් සමාගමේ දැන්වීම් වලින් ලැබෙන ආදායම හරි අඩකින් අඩු වී තිබුණා.

ට්විටර් සමාගමට අභියෝගයක් ලෙස මෙටා සමාගම ආරම්භ කළ ත්‍රෙඩ්ස් යෙදවුමේ පරිශිලකයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 150ක් ඉක්මවා තිබෙනවා.

hasiniek
By hasiniek ජූලි 24, 2023 15:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්