උතුරු මුහුදේදී හමුවූ මිලියන ගණනක් වටිනා ගංජා
Related Articles
යාපනය වෙත්තලකේනි වත්තිරායන් මුහුදු ප්‍රදේශයේදී අද(23) දින අළුයම කේරළ ගංජා කිලෝග්‍රෑම් 165 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
එම ඩිංගි යාත්‍රාවේ තිබී පාර්සල් හැත්තෑ පහක අසුරන ලද, කේරළ ගංජා සොයා ගත බවයි නාවික හමුදාව සඳහන් කළේ.
නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 54 කට අධික වෙතැයි විශ්වාස කරනවා.
තවද, කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 36 ක් වන සැකකරු වෙත්තලකේනි, මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර, එම සැකකරු කේරළ ගංජා කිලෝ 165 ග්‍රෑම් 400 ක පමණ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනි පොලිසිය වෙත භාරදීමට කටයුතු කළ බවද නාවික හමුදාව නිවේදනය කළා