එක්සත් ජාතික පක්ෂයේ ආසනබල මණ්ඩල රැස්වීම් දිස්ත්‍රික්ක කිහිපයක් කේන්ද්‍රකරගනිමින් පැවැත්වුණා.
මාතර එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම සමූපකාර මන්දිරයේදී පැවැත්වුණා.
එය සංවිධාන කර තිබුණේ මාතර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක උපුල් නිශාන්ත මහතායි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් මෙන්ම පාක්ෂිකයින් පිරිසක්ද මිට එක්ව සිටියා.
නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ ආසනබල මණ්ඩල රැස්වීම විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
එය සංවිධානය කළේ එම පක්ෂයේ නාවලපිටිය ආසන සංවිධායක කැලුම් කරුණාතිලක මහතායි.
මේ අතර මහියංගනය එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩලය පිහිටුවිම ඊයේ සිදු කෙරුණා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන පී හැරිසන් සහ පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් මෙන්ම එක්සත් ලක් වනිත පෙරමුණේ සභාපතිනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ඇතුළු පිරිසක් මීට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/0RwlUTZbS9A”]