හඟුරන්කෙත අතුරුදන් වූ මවක සහ බිළිදියක සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.
හඟුරන්කෙත රහතුන්ගොඩ වතුයායේ පදිංචිව සිට 20 හැවිරිදි මවක සහ අවුරුද්දයි මාස 8ක් වයසැති බිළිදෙකු අතුරුදන්ව ඇති බවට දරුවාගේ පියා පොලීසියට පැමිණිලිකර තිබෙනවා.
දීර්ඝ කාලයක සිට ඇගේ හිසේ පැවති රෝගී තත්ත්වයකට ප්රතිකාර ලබා ගැනීම සදහා රිකිල්ලගස්කඩ දිසා රෝහලට පැමිණීම සඳහා නිවස අසලින් බසයට නැග තිබුණ ද ඇය රෝහලට පැමිණ නැති බවට හෙළිවී තිබෙනවා.
සිය මිත්තනිය සමග සිටි මෙම කාන්තාව කොළඹ ප්රදේශයේ සේවය කරන අතරතුර මෙම පුද්ගලයා සමග විවාහ වී හඟුරන්කෙත ප්රදේශයට පැමිණ තිබෙනවා.
මේ අතර හොරණ අඟුරුවාතොට ප්රදේශයේ නිවසක සිටිය දී අතුරුදන් වූ මවගේ සහ දරුවාගේ මරණය සම්බන්ධ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී තියුණු ආයුධයකින් සිරුරට හානි කර ගැනීම හේතුවෙන් ඔහු රෝහල්ගත කෙරුණා.
හොරණ අඟුරුවාතොට ප්රදේශයේ නිවසක සිටි 24 හැවිරිදි මවක සහ මාස 11ක බිළිඳියක අතුරුදන්ව සිටියේ පසුගිය 18වනදා සිටයි.
මෙම කාන්තාවගේ සැමියා එදින රාත්රියේ අඟුරුවාතොට පොලිසියට පැමිණ සිය බිරිඳගේ සහ දරුවාගේ අතුරුදන් වීම සම්න්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව විමර්ෂණ ඇරඹු පොලීසීය අදාළ නිවස ද පරීක්ෂා කළා.
එහි ශීතකරණයේ දොරෙහි ලේ පැල්ලම් කිහිපයක් සහ ඒ අසළ බිම මැකී ගිය ලේ පැල්ලම් නිරීක්ෂණය කළා.
ඒ අතරතුර මියගිය කාන්තාවගේ සැමියා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තම සොහොයුරියගේ සැමියා පිළිබද සැකයක් පවතින බවයි.
එදින පස්වරුවේද තම සොහොයුරියගේ සැමියා නිවසට පැමිණ ඇති බවද ඔහු ප්රකාශකර තිබුණා.
ඒ අනුව හිටපු හමුදා සෙබලෙකුවන අදාළ සැකකරු ඊයේ අත්අඩංගුවට ගත්තා.
කෙසේ වුවද ප්රශ්න කිරීම්වලින් අනතුරුව පොලිසිය ඔහු නිදහස් කර තිබෙනවා.
ආරක්ෂිත කැමරා දර්ශන ද උපයෝගි කර ගනිමින් වැඩිදුරටත් සිදුකළ විමර්ෂණ වලදී අතුරුදන් වූ කාන්තාවගේ සහ දැරියගේ සිරුරු ප්රදේශයේ ලඳු කෑලැවක තිබි සොයා ගැනුනා.
ඒ නිවසේ සිට මීටර් 600ක් පමණ දුරින් වූ ස්ථානයක තිබියදීයි.
මළසිරුරු හමුවීම සහ සීසීටීවී දර්ශනවලින් පසුව පොලිසිය නැවත සැකකරු සොයා විමර්ශන ආරම්භ කෙරුණා.
ඒ අනුවයි අද උදෑසන අදාළ සැකකරු නැවත අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු අගුරුවාතොට පොලිස් ස්ථානාධිපතිවරයාට කතුරක් වැනි තියුණු ආයුධයකින් හානි සිදු කිරීමට උත්සහ දරා තිබෙනවා.
එය වැලකීයාම හේතුවෙන් ඔහු සිය සිරුරට හානි කර ගෙන තිබෙනවා.
තුවාල ලැබූ සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ හොරණ රෝහලේ ප්රතිකාර ලබනවා.
මියගිය මවගේ හා බිළිදාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අද සිදු කෙරුණා
අනතුරුව මවගේ සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ සදහා රජයේ රසපරික්ෂකවරයා වෙත යොමු කිරීමටයි තිරණය කෙරුණේ.