fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික පෑවිල්ල නිසා උතුරේ තැන තැන ගිනි ගැනීම්

hasiniek
By hasiniek ජූලි 23, 2023 09:38

අධික පෑවිල්ල නිසා උතුරේ තැන තැන ගිනි ගැනීම්

පවතින අධික වියලි කාලගුණයත් සමග උතුරේ බොහෝ ප්‍රදේශයන්හි ගිනි ගැනීම් කිහිපයක්ම වාර්ථා වනවා.

පරිසරය දැඩි ලෙස වියලි පැවතීම හේතුවෙන් ගිනි ගන්නා අවස්ථාවන්හි ජනතාවට ප්‍රවේශම් වන ලෙසටයි ආරක්ෂක අංශ දැනුම් දෙන්නේ.

මෙම ගිනි ගැනීම කිසියම් පුද්ගලයින් විසින් ගිනිතැබූවේද යන්න පිළිබඳව විශේෂ පරීක්ෂණයක් අරඹා ඇතැයිද ප්‍රදේශ භාර පොලිස් ස්ථානයන් පවසා සිටිනවා.

වව්නියාව ඊරට්පෙරියකුලම් ප්‍රදේශයේ පිහිටි කොහුබත් කර්මාන්ත ශාලාවකද ඊයේ (22) දින ඇති වූ ගින්නක් හේතුවෙන් කොහුබත් විශාල ප්‍රමාණයක් සම්පූරණයෙන් විනාශ වී තිබෙනවා.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිවිල් ආරක්ෂක බලකාය , ප්‍රදේශවාසීන් සහ වව්නියාව නගරසභා ගිනිනිවීමේ ඒකකය විසින් ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

hasiniek
By hasiniek ජූලි 23, 2023 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්