fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරවුලක් දුර දිග ගිහින් පහර දීලා පුද්ගලයකු ඝාතනය කරලා

hasiniek
By hasiniek ජූලි 23, 2023 07:09

ආරවුලක් දුර දිග ගිහින් පහර දීලා පුද්ගලයකු ඝාතනය කරලා

රත්නපුර, හිඳැල්ලන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

පහරදීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති අතර, තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකර ඇති බවද වාර්තා වනවා

ඊයේ (22) රාත්‍රී කාලයේදී අදාළ සිද්ධිය වාර්තා වූ බවයි පොලීසිය පවසන්නේ

පහරදීමෙන් මියගොස් ඇත්තේ, 65 හැවිරිදි හිඳැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, තුවාලකරුවන් අවුරුදු 36 හා 37 වයසේ පසුවන මරණකරුගේ පුතුන් දෙදෙනා බවද සඳහන්

කලක සිට පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එම අපරාධය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අපරාධය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු හා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 18, 65 හා 48 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් .

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

hasiniek
By hasiniek ජූලි 23, 2023 07:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්