යුක්‍රේන ප්‍රහාරයකින් රුසියානු මාධ්‍යවේදියෙකු මරුට
Related Articles
යුක්‍රේන ප්‍රහාරයකින් රුසියානු මාධ්‍යවේදියෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යුක්‍රේනයේ ගිණිකොනදිග Zaporizhzhia ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මාධ්‍යවේදීන් යුද බිමෙන් ඉවත් කළ බවයි එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. .
මෙම සිද්ධියේදී යුක්‍රේනය පොකුරු බෝම්බ භාවිත කළ බවට සාක්ෂි තවමත් ලැබී නැහැ.
යුක්‍රේනයට මේ මාසයේ එක්සත් ජනපදයෙන් පොකුරු බෝම්බ ලැබුණු නමුත් එය සතුරු සොල්දාදුවන්ගේ අත්පත් කරගෙන සිටින ස්ථානවලට පමණක් ඒවා භාවිතා කිරීමට පොරොන්දු වී තිබෙනවා.