ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් එරට නාවික හමුදාවේ නායකත්වයට කාන්තා අද්මිරාල්වරියක පත් කළා.
පෙන්ටගනයේ හමුදා සේවා ශාඛාවක ප්රධානියා ලෙස කාන්තාවක පත් කළ පළමු අවස්තාව මෙයයි. ලීසා ෆැන්වෙට්ටි මෙසේ නාවික හමුදා නායකත්වයට පත් කෙරුණා. ඇය දකුණු කොරියාවේ පිහිටි ඇමෙරිකා හයවන බලඇණිය මෙන්ම ඇමෙරිකා නාවික හමුදාවේ හිටපු ප්රධානීවරියක ලෙස කටයුතු කළා. එමෙන්ම ගුවන් යානා ප්රහාරක බලඇණියක අණදෙන නිලධාරිවරියක ලෙසද ඇය සේවය කර තිබෙනවා.
කෙසේ වුවද ලීසාගේ පත්වීමට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය තවමත් හිමිව නැති බවයි වාර්තා වන්නේ. 38 හැවිරිදි ලීසා තරු හතරේ අද්මිරාල් නිලයට පත් ඇමෙරිකාවේ දෙවන කාන්තාවයි.