බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගම්මානයක නාය යාමෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
සිද්ධියෙන් මියගිය විසිදෙදෙනෙකුගේ සිරුරු හදුනාගෙන තිබෙනවා. සිය දෙනෙකුට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. අධික වැසි හේතුවෙන් නායයාමට හසු වූ නිවාස රැසක් විනාශයට පත් වුණා. අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් දින කිහිපයක් පුරා ක්‍රියාත්මකයි. කෙසේ වුවද පවතින වැසි සහිත කාලගුණය මෙම මෙහෙයුම්වලට දැඩි බලපෑමක් වී තිබෙනවා. මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකිබවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.