fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඟුරුවාතොට මවගේ සහ දරුවාගේ මරණයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2023 11:20

අඟුරුවාතොට මවගේ සහ දරුවාගේ මරණයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේ නිවසක සිටිය දී අතුරුදන් වු මවගේ සහ දරුවාගේ මරණය සම්බන්ධ ප්‍රධාන සැකකරු සැඟව සිටියදී පොලිසිය අත්අඩංගුවට ගත්තා.

හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේ නිවසක සිටි 24 හැවිරිදි මවක සහ මාස 11ක බිළිඳියක අතුරුදන්ව සිටියේ පසුගිය 18වනදා සිටයි.

මෙම කාන්තාවගේ සැමියා එදින රාත්‍රියේ අඟුරුවාතොට පොලිසියට පැමිණ සිය බිරිඳගේ සහ දරුවාගේ අතුරුදන් වීම සම්න්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව විමර්ෂණ ඇරඹු පොලීසීය අදාළ නිවස ද පරීක්ෂා කළා.

එහි ශීතකරණයේ දොරෙහි ලේ පැල්ලම් කිහිපයක් සහ ඒ අසළ බිම මැකී ගිය ලේ පැල්ලම් නිරීක්ෂණය කළා.

ඒ අතරතුර මියගිය කාන්තාවගේ සැමියා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තම සොහොයුරියගේ සැමියා පිළිබඳ සැකයක් පවතින බවයි.

එදින පස්වරුවේද තම සොහොයුරියගේ සැමියා නිවසට පැමිණ ඇති බවද ඔහු ප්‍රකාශකර තිබුණා.

ඒ අනුව හිටපු හමුදා සෙබලෙකුවන අදාළ සැකකරු ඊයේ අත්අඩංගුවට ගත්තා.

කෙසේ වුවද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පොලිසිය ඔහු නිදහස් කර තිබෙනවා.

ආරක්ෂිත කැමරා දර්ශන ද උපයෝගි කර ගනිමින් වැඩිදුරටත් සිදුකළ විමර්ෂණ වලදී අතුරුදන් වු කාන්තාවගේ සහ දැරියගේ සිරුරු ප්‍රදේශයේ ලදු කෑලැවක තිබි සොයා ගැනුනා.

ඒ නිවසේ සිට මීටර් 600ක් පමණ දුරින් වු ස්ථානයක තිබියදීයි.

මළසිරුරු හමුවීම සහ සීසීටීවී දර්ශනවලින් පසුව පොලිසිය නැවත සැකකරු සොයා විමර්ශන ආරම්භ කෙරුණා.

ඒ අනුවයි අද උදෑසන මෙම සැකකරු නැවත අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා  අවස්ථාවේ සැකකරු කතුරකින් ඇනගැනීමෙන් සුළු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2023 11:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්