ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති R. Demet Sekercioglu මහත්මිය වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (ජුලි 21) ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමු වුණා.
තානාපතිවරියව උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව වැඩබලන ආරක්ෂක අමාත්‍ය තෙන්නකෝන් මහතා ඇය සමඟ සුහද සාකච්ඡාවක නිරත වුණා.
අමාත්‍ය තෙන්නකෝන් සහ Sekercioglu මහත්මිය අතර පැවති මෙම හමුවේදී ද්විපාර්ශ්විකව වැදගත්කම, අන්‍යෝන්‍ය සහයෝගිතාවය පිළිබඳ කරුණු සාකච්ඡා කෙරුණා.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් අමාත්‍යවරයා විසින් තුර්කි තානාපතිනිය වෙත සමරු තිළිණයක් ප්රදානය කළා.
මෙම අවස්ථාවට නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්යක්ෂ ජනරාල් – මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ද සහභාගී වුණා.