මනම්පිටිය, කොටලීය පාලම ඇමති බන්දුලගේ නිරීක්ෂණයට
Related Articles
පසුගියදා බස් රථයක් ඔයට පෙරලීමෙන් සිදු වූ ජීවිත 11 ක් අහිමි වූ මනම්පිටිය කොටලීය පාලම රුපියල් මිලියන 500 ක වියදමින් පුළුල් කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
කොටලීය පාලම මතින් අධික වේගයෙන් බස් රථයක් ගමන් කිරීමට යාමේදී එය ගගට වැටීමෙන් පසුගිය 9 වනදා මාරක රිය අනතුරක් සිදු වුනා.ඒ සමග බොහෝ දෙනා මෙම පාලම පිළිබදව කතා කළා. එම ස්ථානයේ සිදුව ඇති අනතුරුවලින් මේ වන විට ජීවිත 30 කට වැඩි සංඛ්‍යාවක් අහිමි වී තිබෙනවා. කෙසේ වුවද මෙම මාරාන්තික ස්ථානය අමාත්‍ය ආචාරය බන්දුල ගුණවර්ධන මහතා අද නිරීක්ෂණය කළා.රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ද එම අවස්ථාවට එක් වුණා. ණය ප්‍රතිව්‍යුහගතකරන වැඩසටහන අවසන් වූ සැනින් රුපියල් මිලියන 500 ක වියදමින් කොටලීය පාලම පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.