ප්‍රතිජීවක ඖෂධයක් ලබා ගැනීමෙන් අනතුරුව තවත් මරණයක්
Related Articles
කෑගල්ල මහ රෝහලේ දී ප්‍රතිජීවක ඖෂධයක් ලබා ගැනීමෙන් අනතුරුව ඇති වූ ආසාදන තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
56 හැවිරිදි මෙම පුද්ගලයා පසුගියදා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ ඔහුගේ මුඛය දෙපස ඇති වූ තුවාල තත්ත්වයක් හේතුවෙනුයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කළා.
වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ මෙරටට ගෙන්වා සෞඛ්‍ය ක්ෂේත්‍රය දුර්වල කිරීම මෙන්ම ඒ හේතුවෙන් මරණ සිදුවීම යන කරුණු මුල් කරගනිමින් විශ්වාසභංග යෝජනාව ගෙන එනවා.
මේ හේතුවෙන් පසුගිය කාලයේ මරණ රැසක් සිදු වූ බවයි සමගි ජනබලවේගය සදහන් කරන්නේ.