පසුගියදා හෝමාගමදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයේ වෙඩික්කරු බව කියන සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ජීවිතක්ෂයට පත් වුණා.
ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකින්.
පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් අංශයට ලැබුණ තොරතුරකට අනුව මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා.
එහිදී සැකකරු විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා ඇති අතර, එම නිලධාරීන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඉන් තුවාල ලැබු සැකකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මිය ගියේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ මාබෝදගල පදිංචිකරුවෙකු වන කසුන් ලක්ෂිත සිල්වා නැමැති 29 හැවිරිදි අයෙක්.
ඔහු පසුගිය 20 වනදා හෝමාගම ප්‍රදේශයේ දී චමිල සංජීව පෙරේරා නොහොත් චමිල කොටා යන අයට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවයි විශේෂ කාර්ය බළකාය පවසන්නේ.
විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන හීනැටියන මහේෂ් මල්ලී යන අයගේ හා හෝමාගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හඳයා යන අයගේ ප්‍රධාන ගෝලයෙකු බව ද විශේෂ කාර්ය බළකාය පවසනවා.
සිද්ධියෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු ද තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ටී 56 ගිනිඅවියක් සහ මැගසින් එකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.