fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දළදා මාළිගයේ විදුලි බිල නැවත ඇස්තමේන්තු ගත කිරීමට විදුලි බල මණ්ඩලය එකඟ වුණා

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2023 12:13

දළදා මාළිගයේ විදුලි බිල නැවත ඇස්තමේන්තු ගත කිරීමට විදුලි බල මණ්ඩලය එකඟ වුණා

ඒවා ඇති විදුලි බිල නැවත ඇස්තමේන්තු ගත කිරීමට විදුලි බල මණ්ඩලය එකඟ වු බැවින් ගැටලුවක් පැන නගින්නේ නැති බව මහනුවර ශ්‍රී දළදා මාළිගයේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැළ මහතා පවසනවා.

රුපියල් එක්කෝටි තිස්තුන් ලක්ෂයකට ආසන්න ඇස්තමේන්තු ගත විදුලි මිලක් දළදා මාළිගය වෙත ලබාදීම පිළිබඳ අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

මෙම විදුලි බිල සම්බන්ධයෙන් සාකච්ඡාවක් මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී පැවැත්වුණා.

දියවඩන නිළමේවරයා මෙන්ම බස්නායක නිළමේවරුන් ද මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තේන්කෝන්, මධ්‍යම පළාත් බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ බණ්ඩාර, මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මහනුවර ප්‍රධාන ඉංජිනේරු ඩබ්ලියු එස් අබේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2023 12:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්