පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී කඩු 4 ක් ඇතුලු උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාවතගම නගරයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් හඹාගොස් නතර කළ පොලීසිය එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.
සෙසු හතර දෙනා ඒ වන විටත් පලාගොස් තිබෙනවා.
රියදුරු බීමත්ව සිටි බවයි පොලීසිය සදහන් කරන්නේ.
අනතුරුව එම රථය පරික්ෂා කිරීමේදී එහි තිබී කඩු 4 ක් විදුලි ඩෙටනේටර් 9 ක් මෙන්ම කැණීම් උපකරන රැසක් ද සොයා ගැනුණා.
පළා ගිය සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීම පොලීසියට හැකි වුණා.