වල්ලා පට්ට නිස්සාරණ ස්ථානයක් වටලයි

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2023 05:20

වල්ලා පට්ට නිස්සාරණ ස්ථානයක් වටලයි

අකුරැස්ස පානදුගම ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය වල්ලාපට්ටා නිස්සාරණ ස්ථානයක් වටලා සැකකරුවෙක් සමග උපකරණ හා වල්ලාපට්ටා තොගයක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන තිබුණේ  නිස්සාරණය කිරීමට සූදානම් කොට තිබූ වල්ලපට්ටා කිලෝග්‍රැම් 176 ක්, නිස්සාරණය කිරීමට යොදාගත් බොයිලේරුවක් ඇතුළු නිස්සාරණ උපකරණ  තොගයකුයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අකුරැස්ස, විල්පිට අඩවි වන කාර්යාලවල ඩබ්ලිව්.එම්.එස් සමරසිංහ සහ එච්.කේ. අනුර වසන්ත බිට්ටු නිළධාරින්ගේ උපදෙස් මතයි වැටලීම සිදු කර තිබෙන්නේ.
සැකකරු සහ  අත්අඩංගුවට ගත් සියලුම දෑ අකුරැස්ස පොලිස්ථානය වෙත භාර දී තිබෙනවා.
දෙනියාය පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරෙහි අණ දෙන නිලධාරී ප්‍රියන්ත, පොලිස් පරීක්ෂක ආනන්ද, උප පොලිස් පරීක්ෂක මුණසිංහ, කොස්තාපල් (31258) කුමාර, රියදුරු (2431) තිලක රත්න යන නිලධාරීහු වැටලීම සිදුකළා.
ITN News Editor
By ITN News Editor ජූලි 20, 2023 05:20