අත්වැල් ශක්තිමත්ව බැඳගන්න යන ශ්‍රී ලංකාව හා ඊජිප්තුව
Related Articles
ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ද්වීපාර්ශ්වික දේශපාලන උපදේශනයන්හි දෙවන සැසිවාරය අද විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවැත්වුණා.
ඒ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය හා ඊජිප්තු විදේශ කටයුතු අමාත්‍යංශයේ ආසියානු කටයුතු පිළිබද සහකාර අමාත්‍ය අයිමන් කමෙල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්
සැසිවාරය අතරතුරදී දෙරට අතර සහයෝගීතාව හා හවුල්කාරීත්වය නව ක්ෂේත්‍රයන් වෙත තවදුරටත් පුළුල් කිරීමට දෙරටේ එකඟතාව පලවී තිබෙනවා.
ද්වීපාර්ශ්වික දේශපාලන උපදේශන පළමු සැසිවාරය 2019 වසරේ දී පැවැත්වුණා.
මේ අතර රුසියාවේ යෙකටරින්බර්ග් හිදී පැවැත්වෙන ඉනෝෆ්‍රෝම් 2023 ජාත්‍යන්තර කාර්මික ප්‍රදර්ශනයට වැවිලි හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහභාගි වුණා.
සංචාරය අතරතුරදී අමාත්‍යවරයා රුසියාවේ ඉලෙක්ට්‍රෝස්ටල් ලෝහ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවී තිබෙනවා.
එහිදී දෙරට අතර අත්දැකීම් හා තාක්ෂණය හුවමාරුකර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා සිදුකෙරුණු බවයි වාර්තා වන්නේ.
කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාර්කාව සදහා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා ඒ ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වුණා.