අග්‍රාමාත්‍යවරියට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා බංග්ලාදේශයේ විරෝධතා
Related Articles
අග්‍රාමාත්‍යවරියට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් බංග්ලාදේශ විපක්ෂය විරෝධතා ආරම්භ කර තිබෙනවා.
උද්ඝෝෂණ අතරතුරදී විරොධතාකරුවන් හා පොලීසිය අතර හටගත් ගැටුම්වලින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
දහස් ගණනක සහභාගීත්වයෙන් ඩකා අගනුවරදී අද මෙම විරෝධතා ආරම්භ කෙරුණා.
ලබන වසරේ දී එරට මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර ඊට පෙර අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි විරෝධතාකරුවන් පවසන්නේ.
2009 වසරේ සිට ෂෙයික් හසීනා එරට අග්‍රාමාත්‍ය ධුරය හොබවන අතර මානව හිමිකම් කඩ කිරීම් හා දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ලවනවා.
.