fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමාත්‍ය අලි සබ්රි , තායිලන්ත අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

hasiniek
By hasiniek ජූලි 19, 2023 10:51

අමාත්‍ය අලි සබ්රි , තායිලන්ත අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීම සඳහා එරටට ගොස් සිටින අමාත්‍ය අලි සබ්රි මහතා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා හමුවුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උණුසුම් සුබපැතුම් තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට පිරිනැමූ අලිසබ්රි මහතා දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළ බව සඳහන්.

තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ අමාත්‍යවරයා සමග ද අලි සබ්රි මහතා සාකච්ඡාවක නිරත වුණා.

දෙරට අතර නිදහස් වෙළද ගිවිසුම පිළිබද මෙහිදී අවදානය යොමුවුණා.

තායි සංචාරකයින්ගේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකා ප්‍රවර්ධනය කිරීම සහ කලාපීය විස්ථීරණ ආර්ථික හවුල්කාරීත්වයට සම්බන්ධවීමට ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කුරියන් ජේකබ් මහතා සිය ධුර කාලය අවසන් කර මව්රට කරා යාමට පෙර රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුවුණා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට සමරු තිලිණියක් ද පිළිගැන්වූවා.

 

 

hasiniek
By hasiniek ජූලි 19, 2023 10:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්