කුළුබඩු භෝග සඳහා ප්‍රමිති සහතික ලබාදීමේ නව වැඩසටහනක් ආරම්භ කෙරේ
Related Articles
අපනයන කෘෂිකර්ම භෝග මගින් 2022 වර්ෂයේ දී මෙරටට ඩොලර් මිලියන 455ක් අපනයන ආදායමක් ලබා ගැනීමට සමත් වී ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකා ජනරාල් ඒ.පී.පී.දිස්නා මෙනවිය පවසයි.
එය උපයෝගී කරගනිමින් GAP තාක්ෂණය ගොවීන් හට හඳුන්වා දීමේ වැඩසටහනක් මේ වන විට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන ඇති අතර එය ගොවීන් සඳහා නොමිලේ ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මේ වෙනවිට ගොවීන් දෙසීයක් පමණ ලියා පදිංචි වී ඇති අතර වුන්ට අවශ්‍ය පහසුකම් හා අවශ්‍ය සියලු දත්ත නොමිලේ ලබාදීමට කටයුතු කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙහිදි සඳහන් කළා.
කුළුබඩු භෝග සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් හදුන්වාදී නිෂ්පාදකයන් සඳහා ප්‍රමිති සහතිකයක් ( Good Agriculture Practices) ලබාදීමේ නව වැඩසටහනක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුම මගින් ආරම්භ කොට තිබෙනවා.
අපනයක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායක මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර එහිදී සමස්ථ වගාව සඳහා විධිමත් නිරිණායක හදුන්වා දී ඇතැයි අපනයක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී.පී.දිස්නා මෙනවිය සඳහන් කළා.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දී අද (18) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ බව සඳහන් කළා.
වගාව සඳහා සුදුසු භූමියක් තෝරාගැනීමේ අවස්ථාවේ සිට ගුණාත්මක පැළ හා රෝපණ ද්‍රව්‍ය යොදා ගැනීම, පොහොර යෙදීම හා වගාව පවත්වා ගැනීම, අස්වනු නෙළීම, වෙළඳ පොල වෙත නිපැයුම් යොමු කිරීම ඇතුලු නිර්ණායක රැසක් සැලකිල්ලට බදුන් කොට මෙම ප්‍රමිතිය සකස් කෙරෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළා.
නව ප්‍රමිති සහතික ලත් නිෂ්පාදකයන්ගේ භාණ්ඩ යුරෝපා හා ඇමරිකානු වෙළඳ පොල කරා යොමු කිරීමට සුදුසු තත්ත්වයට පත් වන බවත් එමගින් සැලකිය යුතු විදේශ විනිමයක් උපයා ගත හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙහිදී පැවසුවා.
කුරුඳු, ගම්මිරිස්, කෝපි සහ කොකෝවා යන අපනයන භෝග සඳහා මෙම සහතික ලබා දෙන අතර කුළුබඩු නිෂ්පාදකයන් දෙසීයක් අතුරින් හතළිස් දෙනෙකු සඳහා පළමු අදියර යටතේ ප්‍රමිති සහතික ප්‍රදානය කෙරෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළා.
සෙසු පිරිස් සඳහා කඩිනමින් සහතික ලබාදීමට පියවර ගන්නා බව පැවසුවා.
එම උත්සවය වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 21 වන දින පෙරවරු 10.00ට බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වෙන බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී.පී.දිස්නා මෙනවිය වැඩිදුරටත් සඳහන් කළා.