යාපනය ශික්ෂණ රෝහලට අයත් ඉනුවිල් ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයකින් පිරිමි මළ සිරුරක් පොලිසිය විසින් ඊයේ (18) සොයා ගෙන තිබෙනවා.
එම මළ සිරුර අසල තිබී මත්ද්‍රව්‍ය විශේෂ තුනක් හා ඒවා ශරීරගත කිරීමට යොදා ගන්නා ඉන්ජෙක්ෂන් කටු ඇතුළු උපකරණ කීපයක් ද සොය ගත් බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මිය ගිය පුද්ගලයා කොකුවිල් දකුණ, තාවඩි ප්‍රදේශයේ පදිංචි ධර්මලිංගම් බවිසන් නමැති 25 හැවිරිදි පුද්ගලයෙක්.
මිය ගිය පුද්ගලයා රෝහල් නේවාසිකාගාරයේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරියාගේ හිතවතකු බවත් ඔහු නිතර නිතර මෙම නේවාසිකාගාරයට යන එන බවත් හෙළි වී තිබෙනවා.
මෙම හේතුව මත ප්‍රශ්න කිරීම සඳහා එම ආරක්ෂක නිලධාරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කරගෙන පසුව මුදා හැර තිබෙනවා
අදාල තරුණයා මත්ද්‍රව්‍ය අධික මාත්‍රාවකින් ලබා ගැනීම නිසාමිය යන්නට ඇතැයි චුන්නාකම් පොලිසිය සැක පල කරනවා