fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිසුවාට වකුගඩුවක් පරිත්‍යාග කළ ගණිත ගුරුවරයා

hasiniek
By hasiniek ජූලි 19, 2023 09:53

සිසුවාට වකුගඩුවක් පරිත්‍යාග කළ ගණිත ගුරුවරයා

හදිසියේ ම වකුගඩුවක් අවශ්‍ය වූ එක්සත් ජනපදයේ ඔහියෝ හි 15 හැවිරිදි පාසල් සිසුවෙකුට ඔහුගේ ගණිත ගුරුවරයා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට එකඟ වී ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහියෝ ප්‍රාන්තයේ Toledoහි Whitmer High School හි ගණිත ගුරුවරයෙකු වන Eddie McCarthy, ඔහුගේ ශිෂ්‍යයෙකු වන Roman McCormick ගේ රෝගී තත්ත්වය ගැන මාස දෙකකට පෙර දැනගෙන තිබෙනවා.

ගුරුවරයා ඔහුගේ වකුගඩුව සිසුවාට ගැළපෙනවාද බැලීමට හොර රහසේම ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අවසානයේ ගුරුවරයා පසුගිය ජුනි මාසයේදී ශල්‍යකර්ම දිනයක් ලබා දී ඇති අතර ඉන් පසුවයි ඔහු McCormick පවුලේ අය සමග ඔහු වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති බව පවසා ඇත්තේ.

ජාතික සෞඛ්‍ය ආයතනවලට අනුව, උසස් පාසල් දෙවන වසරේ ශිෂ්‍යයෙකු වන මැක්කෝමික්ට, පටක වර්ධනයට බලපාන දුර්ලභ, පාරම්පරික රෝගී තත්ත්වයක් වන branchiootorenal හෝ BOR සින්ඩ්‍රෝමය ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

hasiniek
By hasiniek ජූලි 19, 2023 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්