fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2023 09:45

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව ජපානය නිවේදනය කරනවා.

උතුරු කොරියාව අත්හදා බැලූ බැලැස්ටික් මිසයිල දෙක උතුරු කොරියා නැගෙනහිර මුහුදු කලාපයට පතිත වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඇමෙරිකා යුද සබ්මැරීනයක් දකුණු කොරියාවට පැමිණ පැය කිහිපයකින් අනතුරුවයි මෙම අත්හදා බැලීම සිදුකෙරුණේ.

ඇමෙරිකා යුද සබ්මැරීනයක් දකුණු කොරියාවට පැමිණියේ දශක හතරකට පමණ පසුවයි.

පළමු මිසයිලය කිලෝමීටර් 550ක් හා දෙවන මිසයිලය කිලෝමීටර් 600ක පමණ දුරක් ගමන් කර ඇති බවයි ජපාන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම මිසයිල අත්හදා බැලීම පිළිබද ජපානය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තම විරෝධය පළකර ඇති බවද සඳහන්.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2023 09:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්