fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනයට ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ 07ක්

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2023 09:33

ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනයට ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ 07ක්

ශ්‍රී ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ 07ක මුල්‍ය සහයෝගිතාවට අදාල නියෝජිතායතන මූලික අනුමැතිය ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයේ ප්‍රධාන ආධාර ලබා දෙන ආයතන දෙකක් වන IDELF ( France Institut De L’Elevage (French Livestock Institute) හෙවත් ප්‍රංශයේ පශු සම්පත් ආයතනය සහ AFD ( French Agency for Development) හෙවත් සංවර්ධනය සඳහා වන ප්‍රංශ නියෝජිතායතනය යන ආයතන දෙක ඒකාබද්ධ සහයෝගිතාවය පළ කර තිබෙනවා.

ඒ අනුව එම නියෝජිතායතන විසින් යුරෝ ලක්ෂ 07ක මුදලක් හෙවත් රුපියල් මිලියන 250ක මුදලක් ලබා දීම සඳහා මූළික අනුමැතිය ලබා දී තිබේ.

ඊයේ (17) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් සමග එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටළු සම්බන්ධව සාකච්ඡා කළේය.

කිරිගව පාලනය සම්බන්ධව මින් පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය විසින් යෝජනා කිහිපයක් ඉහත සඳහන් ආයතන වෙත ඉදිරිපත් කර තිබිනි. එම යෝජනා සළකා බැලීමෙන් අනතුරුව එම ආයතන දෙක ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ සංවර්ධනයට මුල්‍ය ප්‍රතිපාදන හා තාක්ෂණික සහයෝගය පළ කිරීමට තීරණය කරනු ලැබීය.

ඒ අනුව මෙරට කිරි කර්මාන්තයේ ධාරිතා වර්ධනය, කිරිවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, කිරිගව පාලන කටයුතු ශක්තිමත් කිරීම සහ අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීම යන කාරණාවන් සඳහා මෙම ආයතන දෙකෙහි සහයෝගය පළ කර තිබේ.

එමෙන්ම මෙම කරුණු ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් සිදු කිරීමට නියමිතය.

ප්‍රංශ නියෝජිතායතන නියෝජනය කරමින් Mrs. Monique Tran- Agricultural Counselor, Mr. Vijay Dervishi, Project Manager, Mr. Lea Sobrevilla, Project Officer, Mr. Reda Soorigi, Country Director යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ හා පශු සම්පත් අංශයේ පශු වෛද්‍යවරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

 

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනය සදහා අවශ්‍ය මුල්‍යාධාර හා තාක්ෂණික සහයෝගය ලබා දීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් සංවර්ධනය සඳහා වන ප්‍රංශ නියෝජිතායතනයට රජය වෙනුවෙන් කෘතඥතාවය පළ කරන බව පැවසීය.

 

එමෙන්ම ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි ව සිටි හෙයින් මෙරට පශු සම්පත් පාලනයේ දී සත්ව සෞඛ්‍ය සංරක්ෂණය සඳහා අවශ්‍ය තාක්ෂණික සහයොගිතාවය පළ කිරීම ඉතා වැදගත් බව ද ප්‍රකාශ කළේය.

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2023 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්