දුනුවායන් 128 දෙනකුගේ සහභාගිත්වයෙන් පැයයි විනාඩි හතළිහක් තුළදී ඊතල තිස් දහසක් විදිමින් දුනු විදීමේ නව ලෝක වාර්තාවක් තැබීමට ශ්රී ලංකාවට ඊයේ හැකි විය.
හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ දී මේ වාර්තාව බිහිවිය. ඉන්දියාව විසින් මෙයට පෙර මේ ලෝක වාර්තාවට හිමිකම් කියූ අතර, ඔවුන් දුනුවායන් සිය දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැයයි විනාඩි තිහක් ඇතුළත ඊතල දාහත්දහසක් විදිමින් එම වාර්තාව තබා තිබිණි.
මේ ලෝක වාර්තාව තැබීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සහභාගී විය. සැජිටේරියන් දුනු විදීමේ ක්රීඩා සමාජය සහ රේස් කෝස් දුනු විදීමේ සමාගම මඟින් මෙය සංවිධාන කර තිබිණි.
ඉන්දියාවේ වොලන් බුක් ඔෆ් වෝර්ඩ් රෙකෝඩ් ආයතනය විසින් නිකුත් කරන ලද ලෝක වාර්තාව බිහි කල බවට සහතිකය ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා වෙත ප්රධානය කිරීමද එහිදි සිදුවුණා.