fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය බදු ආදායම 93%ක වැඩිවීමක්

hasiniek
By hasiniek ජූලි 17, 2023 14:32

දේශීය බදු ආදායම 93%ක වැඩිවීමක්

පසුගිය වසරේ පළමු අර්ධ වාර්ෂිකය හා සැසදීමේ දී මෙම වසරේ දේශීය බදු ආදායම සියයට 93ක වැඩිවීමක් පෙන්නුම්කර තිබෙනවා.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළා.

පසුගිය වසරේ පළමු අර්ධ වාර්ෂිකයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කළ බදු ආදායම් රුපියල් මිලියන 361.832ක්.

එම දෙපාර්තමේන්තුව මෙම වසරේ පළමු අර්ධ වාර්ෂිකයේ දී රුපියල් මිලියන 696.946ක බදු ආදායමක් උපයා තිබෙනවා.

එය පෙරවසරේ පළමු අර්ධය හා සැසදීමේ දී සියයට 93ක වැඩිවීමක් බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

බදු ප්‍රතිපත්තිය සිදුවූ තීරණාත්මක වෙනස්කම් / රටේ ආර්ථිකය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් පැවතීම හා බදු පරිපාලනය මගින් ගනු ලැබූ පියවරයන්හි කාර්යක්ෂමතාව මීට හේතුවී තිබෙනවා.

hasiniek
By hasiniek ජූලි 17, 2023 14:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්