කැනඩාවේ ලැව්ගිනි නිවීමට එක්ව සිටි ගිනි නිවන භටයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
වයඹ දිග කැනඩාවේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ලැව්ගිනි හටගෙන තිබෙනවා. එම ගිනි නිවා දැමීමට එක්ව සිටි ගිනි නිවන භටයින් දෙදෙනෙකුයි මෙසේ මිය ගොස් ඇත්තේ. ස්ථාන 900ක පමණ ලැව්ගිනි හටගෙන ඇති අතර ඉන් 580ක් ම පාලනය කළ නොහැකි මට්ටමේ ඒවා බවයි වාර්තා වන්නේ.
මේ වන විටත් හෙක්ටාර් 10කට වැඩි භූමි ප්ර දේශයක් ගින්නට හසුව විනාශ වී තිබෙනවා. මිය ගිය ගිනි නිවන භටයන් වයස අවුරුදු 19 හා 25ක දෙදෙනෙක්.