ඇමෙරිකාවේ නිරිත දිග ප්රදේශවලට දැඩි උෂ්ණාධික කාලගුණයක් බලපා තිබෙනවා.
මේ හේතුවෙන් මිලියන 110කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ලාස්වේගාස් හි උෂ්ණත්වය ඊයේ දිනයේ දී වාර්තා ගත ලෙස සෙල්සියස් අංශක 47.2 ඉක්මවා ගියා. අධික උෂ්ණත්වය ඇමෙරිකාවේ නගර 38කට බලපෑම් එල්ල කර තිබෙනවා. ලොස්ඇන්ජලීස් හි ඩෙත් නිම්නයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 53.9ක් දක්වා ඉහළ යැමෙන් ලැව් ගිනි තත්ත්වයක් ද හට ගෙන තිබෙනවා. ටෙක්සාස්, ඇරිසෝනා ඇතුළු ප්රාන්ත රැසකට ද අධික උෂ්ණත්වයෙන් බලපෑම් එල්ල වුණා.