පුරාවස්තු සොයමින් සිටි පුද්ගලයින් පිරිසක් STF අත්අඩංගුවට
Related Articles
අති නවීන ස්වයංක්‍රීය ස්කෑන් යන්ත්‍ර භාවිත කරමින් පුරාවස්තු සොයමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
විශේෂ කාර්ය බලකායේ මන්නාරම කඳවුරට අනියුක්ත විශේෂ වැටලීම් ඒකකයයි මෙම මෙහෙයුම සිදුකළේ. මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේ කළ වැටලීමේ දී නීතිවිරෝධි ලෙස පුරාවස්තු සෙවීමේ අදහසින් කැනීම් සිදුකළ 4 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඔවුන් සතුව තිබූ ස්වයංක්‍රීය ස්කෑන් යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් ද සොයාගැණුනා. සැකකරුවන් කැකිරාව වැල්මිල්ල හා කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන්.