fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපතිවරයා පළමු වරට ශ්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2023 05:43

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපතිවරයා පළමු වරට ශ්‍රී ලංකාවට

ලෝක බොක්සින් සම්මේලනයේ සභාපති උමාර් ක්‍රෙම්ලිව් මහතා පළමුවරට මෙරටට පැමිණ සිටිනවා.

ඔහු සමග ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකු රෝයි ජෝන්ස් ජූනියර් ද මෙම සංචාරයට එක්ව සිටිනවා.

ලෝක බොක්සින් සම්මේලනයේ සභාපතිවරයා මෙන්ම හිටපු හෙවිවේට් ශූරයෙකු වූ රෝයි ජෝන්ස් ජූනියර් මෙරට සංචාරකයකට එක්ව සිටින්නේ ජාත්‍යන්තර බොක්සින් සම්මේලනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු හා ශ්‍රී ලංකා බොක්සින් සම්මේලනයේ සභාපති ඩයන් ගෝමස් මහතාගේ ආරාධනයකට අනුවයි. ඔවුන් ශ්‍රී ලංකා බොක්සින් සම්මේලනයේ විධායක මණ්ඩලය සමග සහ විනිසුරුවන් සහ පුහුණුකරුවන් සමග සාකච්ඡා පැවැත්විමට නියමිතයි.

මෙරට බොක්සින් ව්‍යාප්තිය සහ සංවර්ධනයට අවශ්‍ය මූලික උපකරණ හා පහසුකම් සැපයීම කෙරෙහි ද ජාත්‍යන්තර බොක්සින් සම්මේලනයේ සභාපතිවරයාගේ අවධානය යොමුවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2023 05:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්