ශ්‍රී ලංකාවට තවත් රන් හා රීදි පදක්කම් දෙකක්
Related Articles
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී තවත් රන් හා රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වී තිබෙනවා.
ඒ අනුව පිරිමි මීටර් 400X4 නව ශ්‍රී ලංකා වාර්තාවක් පිිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්වූ අතර ඔවුන් තරගය නිම කිරීම සඳහා ගතවූ කාලය 3:01:56 ක්.
මේ අතර කාන්තා මීටර් 400X4 තරගයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර තරගය නිම කිරීම සඳහා 3:33:27 ක කාලයක් ගතවී තිබෙනවා.