ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාවේ විශේෂ රැස්වීමක් ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවත්වී තිබෙනවා.
එහි දී ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ සඳහන්වන පක්ෂයේ නිලධාරී මණ්ඩලය දැනට වඩා පුළුල් කිරීම සඳහා යෝජනාවක් සම්මත කරගත් අතර ශ්‍රීලනිපයේ ඉදිරි මාස 6 ක ආසන මට්ටමේ සිට ගම්මට්ටම දක්වා ශක්තිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එහි දී යෝජනා වුණා.
2018 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංශෝධිත ව්‍යවස්ථාව අනුව (12) වගන්තියේ විධායක සභාවේ බලතල සහ වගකීම් යටතේ 1 (ඇ) යටතේ ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරු 04 සිට 07 දක්වා, උප සභාපති තනතුරු 10 සිට 12 දක්වා, උප ලේකම් තනතුරු 8 සිට 10 දක්වා සංශෝධනය කිරීම සමස්ත ලංකා කාරක සභාවට ඉදිරිපත් කළ අතර එම යෝජනාව ඒකමතිකව සම්මත වූ බව සඳහන්.
අභියාචනාධිකරණය දුන් තීන්දුව අනුව පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කළ පක්ෂයෙන් ඉවත් කල මන්ත්‍රීවරුන් නැවත පක්ෂ සාමාජිකත්වය ලබා දී ඔවුන් දැරූ තනතුරු වල නැවත පිහිටුවා කටයුතු කිරීමට තීරණය වී තිබෙනවා.
ඉන් පසුව ශ්‍රීලනිපයේ විධායක සභාව රැස් වී ඉහත සමස්ත ලංකා කාරක සභාවේ සම්මත කළ යෝජනාව අනුව කටයුතු කර නිලධාරී මණ්ඩලය සංශෝධනයක් සිදු කිරීමට ද තීන්දු වුණා