විදෙස් රැකියා සිහින පෙන්වා ලක්ෂ 07ක් වංචා කළ කොස්තාපල්
Related Articles
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ හතක මුදලක් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පොලිස් කොස්තාපල්වරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති නිලධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගත් බවයි ඔවුන් නිවේදන කළේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අගලවත්ත පොලිසියට අනුයුක්තව රාජකාරි කරන කොස්තාපල්වරයෙකු වන අතර, ඔහු ඉමදූව, බටේමුල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු දකුණ කළුතර පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී අගලවත්ත, නායදොල, මහගම ලිපිනයේ පදිංචි පුද්ගලයකු විසින් කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.