කොළඹ ආනන්ද විද්‍යාලයේ 1914 වසරේදී ඉදිකළ ඕල්කට් ශාලාව හා අනද විහාර මන්දිරය ප්රතිසංස්කරණයෙන් පසු විවෘත කෙරුණා.
පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය මෙන්ම සුබ පතන්නන්ගේ අනුග්‍රාහකත්වයෙන් හා ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තවේ අනුමැතියට යටත්වයි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත්තේ. හිටපු කතානායක කරූ ජයසූරිය, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ආචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසකගේ අනුශාසනා පරිදි මෙම කටයුතු සිදු කර තිබෙනවා. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි කර්තෘ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන්ගේ ගුණ සිහිපත් කරමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. විදුහල්පති ඩී එම් එල් පී දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ronDqMqquJM”]