ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉන්දියාව සමග කටයුතු කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. විදේශ රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්රකාශකළා.
මාධ්‍යවේදිනිය – කොහොමද මේ දවස්වල ශ්‍රී ලංකාවේ තත්ත්වය
අලි සබ්රි – පසුගිය වසරට සාපේක්ෂව සියල්ල වඩා හොදින් සිදු වෙනවා.මේ මාසේ මැද වෙද්දි උද්දමනය තනි අගයක් වීමට ආසන්න තත්ත්වයක් දක්වා පහතට ඇවිත් තියෙන්නේ. සංචාරකයින් නැවතත් දැඩි උනන්දුවෙන් පැමිණෙනවා. ඩොලරයට සාපේක්ෂව සියයට 20 කින් පමණ රුපියල ශක්තිමත් වෙලා තියෙනවා. තෙල් පෝලිම් ඇතුළු සියල් පෝලිම් අපි නැති කරලා තියෙනවා. ඒ වගේම අපි ගැඹුරු ආර්ථික ප්රතිසංස්කරරණවලට අවතීර්ණවෙලා තියෙන්නේ. ආර්ථිකය සෑම අංශයකින්ම සැළකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තියෙනවා.
මාධ්‍යවේදිනිය – පළමු මාස 6 තුළ මූල්‍ය කටයුතු ඖෂධ වගේ දෙවල් සදහා ඉන්දියාව රුපියල් බිලියන 4 ක් ලබාදුන්නා. බලශක්ති ව්‍යාපෘති, වරාය සංවර්ධන කටයුතු ආදිය සම්බන්ධයෙන් බලද්දි ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ඒ සම්බන්ධතාව කොහොමද පවත්වාගෙන යන්නේ. දැනට වාර්තා වෙනවා. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලබන 21 වනදා ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව. මොනවද අපිට බලාපොරොත්තු විය හැක්කේ.
අලි සබ්රි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේදී ඉන්දියාවේ සංචාරයක නිරත වනවා. ඒකම මමත් සහභාගී වනවා. ඉන්දියාව සමග ගණුදෙණු කරන්න අපිට ක්ෂේත්‍ර කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් තියෙන සබදතා ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා. වරාය, තෙල් පිරිපහදු, පුනර්ජනනීය බලශක්තිය ඇතුළු බලශක්ති ක්ෂේත්රය ආගන්තුක සත්කාර ක්ෂේත්රය ආදී ඉන්දීය ආයෝජන අපි බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කිරීම ඉතා වැදගත්. විශේෂයෙන් ලංකාවේ උතුරු කොටස සහ ඉන්දියාවේදකුණු කොටස සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.