fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ වරාය නගරයේ වෙරළ තීරය ජනතාවට විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2023 15:23

කොළඹ වරාය නගරයේ වෙරළ තීරය ජනතාවට විවෘත කෙරේ

වරාය නගරය තුළ ඉදි වූ කෘතීම වෙරළතීරය අද ජනතාවට විවෘත කර කෙරුණා.

කිලෝමීටර් 2 කින් පමණ යුත්  මෙම වෙරළ තීරය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් පහසුකම් රැසකින් ද එය සමන්විතයි. මෙම වෙරළ තීරය නැරඹීමේ අවස්ථාව ඕනෑම අයෙකුට හිමිවන අතර ඒ සදහා කිසිදු අයකිරීමක් සිදු නොකෙරේ.කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වන විටත් සිදු වෙමින් පවතිනවා. ඒ යටතේ අලුතින් ඉදිවන වෙරළතීරයේ කොටසක් මීට වසරකට පෙර ජනතාවට විවෘත කෙරුණා. එහි ඉතිරි කොටසයි ජනතාවය විවෘත කෙරුනේ.

පවුලේ සැමට එක්ව විනෝදවීමට පහසුකම් මෙහි සළසා තිබෙන අතර දෙස් විදෙස් අවන්හල්වලින්ද මෙම පරිශ්‍රය සමන්විතයි.

නැරඹීමට පැමිණෙන පිරිසට ජල ක්‍රීඩා කිරීමට පහසුකම් ද එම ස්ථානයේ සළසා තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2023 15:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්