fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“ග්ලෝකල් ෆෙයාර් 2023” යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2023 14:45

“ග්ලෝකල් ෆෙයාර් 2023” යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී ඇරඹෙයි

ග්ලෝකල් ෆෙයාර් 2023  යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී අද (15 ) සහ හෙට (16) වැනිදා පැවැත්වෙනවා.

සංහිඳියාවේ පණිවුඩය ජන හදවත් තුළ ඇති කිරීම මෙම 15-16 යන දිනවල ග්ලෝකල් ෆෙයාර් අරමුණ වන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා පවසයි.

‘ග්ලෝකල් ෆෙයාර්’ සාර්ථකත්වය සඳහා උතුරේත් දකුණේත් සියලු දෙනා පක්‍ෂ පාට භේද නොතකා එක්ව සහය දෙන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා සිටී.

විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිදුකරන සහතික කර ගැනීම්, විදේශ රැකියා අවස්ථා කම්කරු අමාත්‍යාංශය හරහා කොළඹට ගොස් විසඳා ගත යුතු ප්‍රශ්න ද මෙහිදී විසඳාලීමට කටයුතු කෙරෙන බව ද ඇමැතිවරයා කීය.

ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රාජ්‍ය නිළධාරීන් සහ පොලිස් නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුනා.

මෙහිදී විදේශ රැකියා සම්බන්ධයෙන් දැනුවත් කිරීම් ද නීති විරෝධී මිනිස් ජාවාරම් වැලැක්වීම සදහා පියවර සම්බන්ධයෙන්ද මේ දැනුවත් කිරිමේදී අවධාණය යොමුවිය.

 

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2023 14:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්