දෙමෝදරදී බසයක් පෙරළෙයි – තුවාලකරුවන් රෝහල්වලට
Related Articles
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කෙරෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් දෙමෝදර ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
දෙමෝදර උඩුවර 8 කණුව ජල පවිත්‍රාගාරය අසලදීයී අනතුර සිදු වුණේ.
ඒ අද පෙරවරු 10.30ට පමණයි.
තුවාල ලැබූ අය බදුල්ල හා දෙමෝදර රෝහල්වලට ඇතුළත් කෙරුණා.
බස් රථය ප්‍රපාතයකට පෙරලී ගොස් ඇති බවයි අපවාර්තාකරුවන් සඳහන් කරන්නේ.
ඒ අනුව තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බව වාර්තා වනවා.
අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.