වර්ෂාපතනයත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය වැඩිවීමේ අවදානමක්
Related Articles
ඉදිරියේදී ඇතිවිය හැකි වර්ෂාපතනයත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය වැඩිවීමේ අවදානමක් පවතින බැවින් පරිසරය පිරිසිදු කිරීම අඛණ්ඩව සිදු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙනවා.
මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 52,818 දෙනෙකු හමු වී තිබෙනවා.
ජුනි මාසයේදී පමණක් හමු වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9916ක්.
එමෙන්ම මෙම වසර තුළ ඩෙංගු මරණ 33 ක් සිදු වුණා.
වැඩිම ඩෙංගු අවධානමක් පවතින්නේ බස්නාහිර පළාත තුළයි.
මේ වසරේ මේ දක්වා වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් හමු වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
එම පිරිස 11,510 ක් වනවා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් 11,367 දෙනෙකු හමු වුණා.
පසුගිය කාලයේ පරිසරය පිරිසිදු කිරීම හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තියේ යම් අඩුවක් පෙන්නුම් කළද තවදුරටත් එය පාලනය කර ගත යුතු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
ජාත්‍යන්තර සිංහ සමාජයේ 306 සී 1 කොටිකාවත්ත එක්සලන්ස් සිංහ සමාජය සංවිධාන කළ ඩෙංගු මර්දන වැඩසටහනක් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේදී අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.
කැලණිමුල්ල යුද හමුදා කදවුරේන නිලධාරීන් මෙන්ම අංගොඩ ගොතටූව වැල්ලම්පිටිය යන පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ දායකත්වය මේ සඳහා ලබා දී තිබෙනවා.
එමෙන්ම කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව හා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය මේ සඳහා හිමි වුණා.
මේ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාෆෝර්ස් රොෂාන් ගුණතිලක මහතාගේ උපදෙස් මත වෙරල තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් මට්ටක්කුලිය කාකදූපත වෙරළ තීරයේදී සිදු කෙරුණා.
බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන පරිසර හා සංචාරක අමාත්‍යාංශයේ මූලිකත්වයෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ.
තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන කිහිපයක්ම ව්‍යාපෘතියට සම්බන්ධ වුණා.