fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධූරයෙන් නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2023 06:23

ධූරයෙන් නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කුරියන් ජේකබ් මැතිතුමා සිය ධූරකාලය නිම කිරීමෙන් අනතුරුව ඊයේ (ජුලි 13) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවුණා.

ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයාව ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, පසුව ඔහු සමඟ සුහද කතාබහක ද නිරත වුණා.

දැනට පවතින සුහදශීලී ද්විපාර්ශ්වික හමුදාමය රාජ්‍ය තාන්ත්‍රිකභාවය පවත්වා ගැනීම සඳහා දක්වන ලද නායකත්වය සහ සහයෝගීතාවය වෙනුවෙන් නික්ම යන ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරයා විසින් ආරක්‍ෂක ලේකම්වරයා වෙත සිය කෘතඥතාවය පළ කළා.

මෙහිදී ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයාගේ සේවය අගය කළ ජෙනරල් ගුණරත්න ශ්‍රී ලංකාවට අවශ්‍ය අවස්ථාවලදී ඉන්දියාව ලබා දුන් සහයෝගයට ද සිය ස්තුතියද පළ කළා.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් ද එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2023 06:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්