fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අස්වැසුම සමීක්ෂණ කටයුතු වෙනුවෙන් වැය කළ මුදල් ගැන පැහැදිලි කිරීමක්

hasiniek
By hasiniek ජූලි 13, 2023 17:46

අස්වැසුම සමීක්ෂණ කටයුතු වෙනුවෙන් වැය කළ මුදල් ගැන පැහැදිලි කිරීමක්

අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ සමීක්ෂණ කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 1000ක පමණ අතිරේක මුදලක් වැය වී ඇති බවට ඇතැම් වෘත්තීය සමිති නගන චෝදනා පදනම් විරහිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි මස 16 වැනිදා කැබිනට් පත්‍රිකාවක් මගින් එක් අයදුම්කරුවෙකුගේ ප්‍රකාශ ලබා ගැනීම සඳහා රුපියල් 300ක මුදලක් අනුමත කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඊට සම්බන්ධ වූ 15,000ක පමණ රාජ්‍ය නිලධාරීන්ට මෙම දීමනාව හිමි වූ අතර ග්‍රාම නිලධාරීවරුන් සහ සමෘද්ධි නිලධාරීන් මේ සඳහා දායකත්වය ලබා දුන්නේ නම් ඔවුන්ට ද මෙම දීමනාව හිමි වන බව සඳහන්.

එමෙන්ම සමෘද්ධිලාභීන් අතරින් අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම්කළ පවුල්වලින් සියයට 70ක් අස්වැසුම ප්‍රතිලාභී ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා සහ විරෝධතා පිළිබඳ මේ වන විට සොයා බැලීම් සිදු කරන අතර ජූලි මාසය තුළ අස්වැසුම පළමු වාරිකය ගෙවීමට හැකි බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ

hasiniek
By hasiniek ජූලි 13, 2023 17:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්