fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්‍රේනයේ කියෙව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2023 13:52

යුක්‍රේනයේ කියෙව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක්

රුසියාව යුක්‍රේනයේ කියෙව් නගරයට එල්ලක කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්අයෙකු මියගොස් හතර දෙනෙකු තුවාල ලැබුවා.

යුක්‍රේන අගනුවර වන කියෙව් නගරයට රුසියාව ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේ ඊයේ රාත්‍රීයේදියි.

නාගරික මහල් නිවාසයක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල වුණා.

ඒ සමඟ ගින්නක් ද ඇති ව තිබෙනවා.

අඛණ්ඩව තුන්වන දිනටයි මෙලෙස ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇත්තේ.

එම ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීමත් සමඟ කියෙව් නගරයේ ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වී තිබෙනවා.

සතුරු ගුවන් ඉලක්ක 10කට ප්‍රහාර එල්ල කළ බවයි යුක්‍රේනය සඳහන් කරන්නේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2023 13:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්