රත්‍රං කිලෝ 8 ග්‍රෑම් 450 ක තොගයක්  අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2023 05:15

රත්‍රං කිලෝ 8 ග්‍රෑම් 450 ක තොගයක්  අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කල රත්‍රං  කිලෝ 08 ග්‍රෑම් 450 ක තොගයක්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, වන්නිමුන්දලම කලපු ප්‍රදේශයේ  සිදුකල ශේෂ සෝදිසි මෙහෙයුමේදීයි පාර්සල් හතරක අසුරන ලද රත්‍රං කිලෝ 08 ග්‍රැම් 450 ක තොගය සොයාගෙන ඇත්තේ.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 37 ක් සහ 42 ක් වන කල්පිටිය මණ්ඩලකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් දෙදෙනාත්  රත්‍රං කිලෝ 08 ග්‍රෑම් 450 ක පමණ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2023 05:15