fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව එකම ශ්‍රී ලාංකික කව්බෝයි දිවයිනට

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2023 11:50

ලොව එකම ශ්‍රී ලාංකික කව්බෝයි දිවයිනට

ලොව එකම ශ්‍රී ලාංකික කව්බෝයි  නිත්‍ය ආනන්දන් හෙවත් ටායි නිටි පසුගියදා දිවයිනට පැමිණියා.

කව්බෝයි තොප්පියක් දාගෙන අශ්වයන් පිටේ මෙක්සිකෝවේ සිට ඇමෙරිකාවේ දිග පළල සොයා දහස් ගවයන් සහ හීලෑ නොකල අශ්වයන් සමඟ සංචාරය කරන මිනිසුන් අප කව්බෝයි ලෙස හඳුනාගෙන තිබෙනවා.

පසුගියදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියේ ශ්‍රී ලාංකික කව්බෝයි කෙනෙක්.

“ශ්‍රී ලංකාවට නව අත්දැකීමක් ගෙන ඒමේ අරමුණින් තමයි මෙම මෙරටට පැමිණියේ.

ක්‍රීඩාව පැත්තෙන් අලුත් මුහුණුවරක් ශ්‍රී ලංකාවට ළඟා කර දෙන්න මම බලාපොරොත්තු වෙනවා.

රට තුළ නැවතත් කව්බෝයි සංස්කෘතියක් ඇති කිරීම මගේ අපේක්ෂාවයි.

අසුන් පුහුණුකරුවෙකු වගේම කවුබෝයිවරයෙකු වගේම මගේ අත්දැකීම් බෙදාදෙන්න මම සූදානම් අවුරුදු 30 ක් පුරා අසුන් පුහුණුකරුවෙකු විදියට ලෝකේ විවිධ රටවලට මම ගිහිල්ලා තියෙනවා.

ඒ වගේම හොලිවුඩ් චිත්‍රපට කිහිපයක අශ්වාරෝහකයෙකු ලෙස රංගනයෙනුත් දායකත්වය ලබා දුන්නා.

ඉතාමත් කෙටි කාලයකින් ශ්‍රී ලංකාවට වඩා හොද දෙයක් කිරීම තමයි මගේ බලාපොරොත්තුව.”

ඇමෙරිකානු සිනමාව තුළ අශ්වයින් පුරුදු පුහුණු කිරීමේ ප්‍රධාන පුද්ගලයෙකු ලෙසයි ටායි නිටි සැලකෙන්නේ.

කව්බෝයිස්ලා කියන්නේ ඇමෙරිකාවේ දියුණුවට විශාල මෙහෙයක් සිදුකළ පිරිසක්.

සිලෝන් රයිඩන් ක්ලබ් හා ශ්‍රී ලංකන් හෝස් සොසයිටි හි ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමිණි නිත්‍ය ආනන්දන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ අශ්වාරෝහණය පිළිබඳ වැඩමුළු රැසක් පැවැත්වීමට සූදානමින් සිටිනවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2023 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්