11 දෙනෙකුට දිවි අහිමි කරමින් තවත් 41 දෙනෙකු රෝහල්ගත කළ මනම්පිටිය මාරාන්තික බස් අනතුරේ සියලු තොරතුරු ඇතුලත් වාර්තාවක් ජනපතිට හා අගමැතිට කඩිනමින් යොමු කිරීමට කටයුතු කරන්නැයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පළාත් ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.
කදුරුවෙල සිට කල්මුණේ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොටලීය පාලෙමෙන් මහවැලි ගගේ අතු ගංගාවකට පෙරළී යාමෙන් විශාල අනතුරක් සිදු වුණා.
ඉන් 11 දෙනෙකු මිය ගොස් 41 දෙනෙකු තුවාල ලැබූ අතර අනතුර සිදු වූ ස්ථානය උතුරුමැදි පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා.
අනතුර සිදුවූ මනම්පිටිය කොටලීය පාලම වහා පුළුල් කර ආරක්ෂිත වැටක්ද සහිතව ඉදි කරන ලෙසයි ආණ්ඩුකාරවරයා සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නේ.
එමෙන්ම අනතුරට පත් වූ බස් රථය සදහා නිකුත් කළ ධාවන බලපත්ර සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසද ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියට දැනුම් දුන්නා.