වයඹ පළාතේ සංචාරක ක්ෂේත්රය නගා සිටුවීම හා ක්රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන්.
වෙන්නප්පුව ප්රදේශයේ පැවති මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරුණේ සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති පුත්තලම් දිස්ත්රික්කයේ සුන්දර වෙරළතීරය නිසි නඩත්තුවක් සහිතව පවත්වාගෙන යාම සම්බන්ධවයි.
කිලෝමීටර් 20 ක් පමණ මුහුදුබඩ මාර්ගය ප්රතිසංස්කරණය කිරීම , සංචාරක මාර්ග සිතියටමට වැදගත් ස්ථාන ඇතුළත් කිරීම ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධනමහතා සඳහන් කළේ.