හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා ”ප්‍රධාන සැලසුමක් ” (Master Plan ) සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා
අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා
ප්‍රධාන වර්ධන කේන්ද්‍රයන් සඳහා ‘විසල් හම්බන්තොට’ ප්‍රාදේශීය ආකෘති සැලැසුමක් සහ සවිස්තරාත්මක ප්‍රධාන සැලසුමක් පිළියෙල කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීමේ කාර්ය සර්බානා ජුරොංග් පෞද්ගලික සමාගම වෙත පැවරීමට 2018.06.26 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
නමුත් එම තීරණය මෙතෙක් ක්‍රියාත්මක වී නැහැ
හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට රජය මේ වනවිට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කොළඹ නගරය හා බස්නාහිර පළාත සංවර්ධනය කිරීමට සහ නැගෙනහිර පළාත් උපායමාර්ගික සංචාරක කලාපීය සංවර්ධනය කිරීම සඳහා වන ප්‍රධාන සැලසුම සකස් කිරීමේ වගකීම ද දරනු ලබන සර්බානා ජුරොංග් පෞද්ගලික සමාගම වෙතම හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ප්‍රධාන සැලසුම සකස් කිරීමට ඉඩදීම යෝග්‍ය බව හඳුනාගෙන ඇති බවද සඳහන්.
ඒ අනුව සර්බානා ජුරොංග් පෞද්ගලික සමාගම වෙතම මෙම කටයුත්ත පවරාදීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.